Spread the love

විදේශීය රටවලින් තැපැල් මගින් රසකැවිලි ගෙන්වන මුවාවෙන් මෙරට ව්‍යාජ ලිපිනයන්ට එවා තිබු රුපියල් දෙකෝටි තිස්අට ලක්ෂ පනස් දහසක්(Street Value) රුපියල් (23,850,000/=) වටිනා මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් දහයක් අද රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මධ්‍ය තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාල පාර්සල් වල තිිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.ග්‍රෑම් 385 සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අදාල පාර්සල් එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව සහ එක්සත් ජනපදය යන රට වලින් රසකැවිලි යනුවෙන් සදහන් කර එවා තිබුනද එම පාර්සල් වල තිබු ලිපිනයන් ව්‍යාජ ඒවා බවට තහවුරු කර ගැනීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ අංශය සහ ශ්‍රී ලංකා පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉදිරිපිටදී ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් පරීක්ෂා කෙරිණ.

මෙහිදී රසකැවිලි අඩංගු පාර්සල් තුළ ඉතා සුක්ෂම අයුරින් සගවා තිබු මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සමත්විය.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අදාල පාර්සල් වැඩිදුර විමර්ෂන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙතබාර දුන්හ.