සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජාකළ දෙමාපියන්ට උපහාරයක් වශයෙන් ඔවුන්ට නිවාස ඉදිකර දීම සඳහා
ආරම්භ කළ මිහිඳු නිවහන” වැඩසටහන සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් තෝරා ගත් ප්‍රතිලාභී ස්වාමීන්
වහන්සේලාගේ දෙමාපියන් 124 දෙනෙකු වෙනුවෙන් නිවාස දීමනා චෙක්පත් ප්‍රදානය කිරීම ග්‍රාමීය නිවාස හා
ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතින් සිදු කෙරිණ.
පූජ්‍ය කටුවැවේ පියනන්ද හිමියන්ගේ දෙමාපියන් වෙනුවෙන් හම්බන්තොට, වීරකැටිය, වීරකැටිය
නැගෙනහිර (කටුවැව) ප්‍රදේශයේ ඉදිවන නව නිවසට මුල්ගල තැබීමද ඉන්දික අනුරුද්ධ අමාත්‍යවරයාගේ
සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ
උපදෙස් මත, බුද්ධශාසන අමාත්‍යාංශය හා එක්ව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය
කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් “මිහිඳු නිවහන” නිවාස ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක
කරනු ලබයි.
මෙහි පළමු අදියර යටතේ දිවයින පුරා නිවාස 2,000 ක් ඉදිකෙරෙන අතර, ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල්
ලක්ෂ 12,000 කි.
මෙම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් රාජපක්ෂ මහතා සහ උපුල්
ගලප්පත්ති මහතා, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය
අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ උප සභාපති
ප්‍රවෘත්ති නිවේදන අංක -97
අරුණ දසනායක මහතා, එහි සාමාන්‍යාධිකාරි කේ. ඒ. ජානක මහතා, ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ රාජ්‍ය
නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
