Spread the love

බ්‍රිතාන්‍ය රජ කිරුළ හිස දැරූ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවය අද ලන්ඩන්යේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී පැවැත්වෙයි.

ඒ අනුව දැනට වෙස්ට්මින්ස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව එරට වැසියන්ට එරට වේලාවෙන් අද උදෑසන 6.30ට අවසන් වුණා. අනතුරුව රැජිනගේ දේහය රැගත් අවමංගල්‍යය පෙරහැර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයට එරට වේලාවෙන් පෙරවරු 10.44ට පිටත්වීමට නියමිතයි.

අනතුරුව එහි පිහිටි සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති රාජකීය සොහොන් ගැබ තුළ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මිහිදන් කිරීමට නියමිතව ඇත්තේ පිලිප් කුමරුගේ දේහය ද සමගයි.

මේ අතර අද දිනයේ පැවැත්වෙන රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා විදෙස් රාජ්‍ය නායකයින් රැසක් මේ වන විට ලන්ඩන් නුවරට පැමිණ තිබේ.