Spread the love

2022 දෙවන පාසල් වාරය හෙට (13) හෙට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දෙවන පාසල් වාරය දෙසැම්බර් 02 දක්වා පැවැත්වෙයි.

මේ අතර එම කාලය තුළ පාසල් කාලය විෂයය ඉගැන්වීම් සඳහා හැකිතාක් යොදා ගන්නා ලෙස එම අමාත්‍යංශය දැනුම් දෙයි.
විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කල යුතුය.
පාසල් වල පැවැත්වෙන විවිධ උත්සව ආදිය තවදුරටත් සීමා කිරීමටත් උපදෙස් ලබාදී තිබේ.

මේ අතර 2022 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන දෙසැම්බර් 04 වනදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගය දෙසැම්බර් 05 සිට ජනවාරි මුල් සතිය දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මේ අතර රට තුළ පැවති විවිධ අර්බුද හේතුවෙන් නියමිත විෂය කොටස් ආවරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අධ්‍යපන පොදු සහතික පත්‍ර උසස්පෙල විභාගය පැවැත්වීම කල් දමන ලෙස ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.

විභාගය මෙලෙස පැවැත්වීම තුළින් දරුවන්ට අසාධාරණයක් සිදුවන බව ගුරු සංගම් වැඩිදුරටත් පවසයි.