නිමල් රාජපක්ෂ-
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර හේතුකොට ගෙන පනවන ලද ධීවර තහනම් කළාපය හේතුවෙන් ජීවිකාව අහිමි වූ ධීවරයන් පහළොස්දහසක පමණ පිරිසක් හා ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියාවල නිරතවන පන්දහසකට ආසන්න පිරිසක් නියෝජනය වන පරිදි හා තෝරාගත් ධීවරයන් හා ධීවර කර්මාන්තය නිරතවන්නන්ගෙන් දැල් ආම්පන්න වලට හානි වු ධීවරයන් තිස් දෙනෙකුට පමණ මෙහිදී සංකේතාත්මකව වන්දි චෙක්පත් බෙදා බෙදා දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරු ලබා දෙනු ලැබීය.

සෙසු සියලු වන්දිලාභීන්ට ඔවුන් ජීවත්වන ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා වන්දි ලබාදීමට කටයුතු ඇත . මෙම වන්දි ලබාදීම අද (11) ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සාගර පරිසරයට එක්වූ විවිධ ද්‍රව්‍ය හේතුවෙන් දැල් ආම්පන්නවලට හානි සිදුවූ ධීවරයන් 20 දෙනෙකුට පමණ ඔවුන්ට සිදුවූ අලාභය සඳහා නැවේ රක්ෂණ ආයතනය වෙතින් ලද වන්දි මුදල් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය. මේ වනවිට ධීවර ක්ෂේත්‍රයේ වන්දි ප්‍රදානය වෙනුවෙන් නෞකාවේ රක්ෂණ ආයතනය විසින් රු. මිලියන 3068 (කෝටි 300 කට අධික මුදලක්) ක පමණ මුදලක් ලැබී ඇති අතර පළමු වට තුනේදී ලද රු. මිලියන 1463 (කෝටි 146) ක පමණ මුදලක් ජීවිකාව අහිමි වූ ධීවරයන් වෙත මේ වන විටද බෙදා දී ඇත.
සිව්වන වටයේ වන්දි ගෙවීම සඳහා නෞකාවේ රක්ෂණ ආයතනය වෙතින් ශ්‍රී ලංකා රජය වෙත රු. මිලියන 1605 (කෝටි 160. 5) ක පමණ මුදලක් ලැබී ඇති අතර සිව්වන වටය අවසන් වනවිට ජීවිකාව අහිමි වූ එක් ධීවරයෙකුට තම රැකියා කාණ්ඩය අනුව රු. 112,500 සිට රු. 295, 000 දක්වා වන මුදලක වන්දියක් හිමිවේ. දින 22 ක් පමණක් ධීවර තහනම පැවති මිගමුව කලපුව ආශ්‍රිතව ධීවර කටයුතුවල නියලෙන ධීවරයන්ට පවා අවම වශයෙන් රු. 45,000 ක පමණ වන්දි මුදලක් හිමිව ඇත.
ධීවර ආශ්‍රිත වක්‍ර රැකියාවල නිරතවන මත්ස්‍ය අලෙවිකරුවන්, කරවල නිෂ්පාදකයන්, දැල් ආම්පන්න අලෙවිකරුවන්, බෝට්ටු අලුත්වැඩියාකරන්නන් වැනි පුද්ගලයන්ට ද ධීවර තහනම හේතුවෙන් සිදුවූ අලාභය සඳහා ඔවුන්ගේ රැකියා කාණ්ඩය අනුව රු. 22,500 සිට රු. 336,000 දක්වා වන වන්දි මුදලක් හිමිව ඇත.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවරයන්ට සිදුවූ සෘජු හානි සම්බන්ධ සොයා බැලීමට ධීවර අමාත්‍යංශය මගින් පත් කළ කමිටුව විසින් සකස් කළ වාර්තා හා වන්දි ඉල්ලීම් 06 ක් ධීවර අමාත්‍යංශය විසින් නෞකාවේ රක්ෂණ ආයතනය වෙත මීට පෙර ඉදිරිපත් කර ඇත. මෙහි මුල්ම වාර්තාව අනතුර සිදුවී සති දෙකක කාලයක් තුළ
ඉදිරිපත් කරන ලද අතර 06 වන වාර්තාව 2022 වසරේ ජූලි මාසයේදී ඉදිරිපත් කර ඇත.
මෙම කමිටුව විසින් සකස් කරන ලද අවසන් වාර්තාව කමිටුවේ සභාපති ධීවර අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (තාක්ෂණික) ධම්මික රණතුංග හා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්වරුන් විසින් ධීවර අමාත්‍යතුමා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේදී සිදු කරන ලදි.
මෙහිදි අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසා සිටියේ මේ අවාසනාවන්ත සිද්ධිය වුන වහාම කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා අදාල සියළු දෙනාම කැඳවා ධීවර ජනතාව වෙනුවෙන් මේ ඇති වුන ඛේදනීය සිද්ධිය සම්බන්ධව මැදිහත් වෙලා ඉතාමත්ම ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබූ අතර අමාත්‍යාංශ සහ ආයතන නියෝජනය කරමින් ධීවර ජනතාව වෙනුවෙන් රජයෙන් කල යුතු යම් වැඩ කොටසක් වේ නම් ඒ කටයුත්ත ඉතාමත්ම
නිවැරදිව හා විධිමත් ආකාරයෙන් කඩිනමින් ජනතාවට ඒ අවශ්‍ය කරන සහනයක් සලසා දෙන බවයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානිය සිදු වු අවස්ථාවේ සිට මාගේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙමින් ධීවර කාර්මිකයා රැක ගැනීමට කටයුතු කල අතර වන්දි ලබා ගැනීම එම වන්දි මුදල් සාධාරණ ලෙස හානියට පත් ධීවරයන් වෙත ලබා දීමට කටයුතු කරන අතර ධිවර කාර්මිකයා නැවත රැකියාවට යන තත්වයට ගෙන ඒමට විශාල කාර්යක් කරමින් සිටින බවයි.
