ශ්‍රි ලංකාවේ අපනයන වර්ධනය කිරීමට වර්ථමාන රජය පියවර ගෙන ඇති බවත් ඒ අනුව ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයන ක්ෂෙත්‍රයක් වන ධීවර නිෂ්පාදනය සංවර්ධනය කිරීමට සියඅමාත්‍යාංශය කටයුතු කරන බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැවසුවේය.
ඇමරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී මාටිං කේ කෙලී මහතා ඊයේ ධීවර අමාත්‍යාංශයේදී ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවු අවස්ථාවේ මේ බව ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආර්ථික අවපාතය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික ගැටළු පිළිබදව අමාත්‍යවරයා විසින් මාටින් කේ කෙලි මහතා දැනුවත් කරන ලදි.
මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වු අමාත්‍යවරයා මුහුදු කූඩැල්ලන් ඇතුළු ජලජීවී වගාව වර්ධනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘති රැසක් සිය අමාත්‍යාංශය විසින් සකස් කර ඇති බවත් ඒ සදහා ඇමරිකානු රජයේ සහ ඇමරිකානු ව්‍යාපාරික ක්ෂෙත්‍රෙයේ සහයෝගය හා ආයෝජන මෙන්ම ආධාරයද බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවරයන්ට බලපානු ලබන ඉන්දියානු බොටම් ට්‍රෝලිං ක්‍රමය යොදා ගනිමින් සිදුකරන ආක්‍රමණගීලී ධිවර කටයුතු නිසා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ ධිවරයින් විශාල ගැටළුවලට මුහුණ දී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙහිදී ඉන්දියානු ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් කොල්ල කන බවත් ඊට අමතරව මෙරට ධීවරයින්ගේ ධීවර ආම්පන්න විනාශ කිරීම් සිදු කරනු ලබන බවද පැවසූ අමාත්‍යවරයා මෙය නැවැත්වීම සදහා රාජත්‍රාන්ත්‍රිකව කටයුතු කිරීමට පියවර ගෙන ඇති නමුත් තවමත් ඉන්දියානු රජයේ ප්‍රතිචාරයන් එතරම් සුභදායි නොවන බවද පෙන්වා දුන්නේය.
මෙහිදී මාටිං කේ කෙලී මහතා විසින් මේ පිළිබදව තමිල්නාඩු රජයේ හා තමිල්නාඩු මහඇමති එම්. කේ. ස්ටාලිං මහතා සමග සාකච්ඡා නොකළේද යන්න පිළිබද අමාත්‍යවරයාගෙන් විමසූ අතර අමාත‍්‍යවරයා ප්‍රකාශ කළේ තමන් ඉන්දීය ධීවර අමාත්‍යවරයා සමග මෙන්ම තමිල්නාඩු මහඇමත් එම්. කේ. ස්ටාලිං මහතා සමගද සාකච්ඡා පැවැත්වූ බවයි. ඔවුන් ඒ මොහොතේ යම් ප්‍රතිචාරයක් දැක්වු නමුත් දේශපාලනික හේතු මත සමහර පියවර ගැනීමට ඉන්දියානු රජය යම් කිසි පසුබෑමකට ලක් වී තිබෙන බවත් කෙසේ නමුත් මෙම ගැටළුව සදහා රාජත්‍රාන්ත්‍රික මට්ටමින් විසදුම් ලබා ගැනීමට තමන් ඇමරිකානු තානාපතිවරයාගේ ද සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය. මෙහිදී මෙවර අයවැය තුලින් ධිවර අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දැනට ලබා දී ඇති මුදලට වඩා අමතර මිලියන 1000ක මුදලක් ලැබෙන බවත් එම මුදලට සරිලන ලෙස මේ වන විටත් ව්‍යාපෘති සකස් කරමින් තිබෙන බව ද ප්‍රකාශ කල අමාත්‍යවරයා මෙම ව්‍යාපෘති සදහාද ඇමරිකානු රජයේද සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේය.
