Spread the love

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය ඇතුළු ධීවර වරායන් 22 ක සූර්ය කෝෂ පද්ධති සවි කිරීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තීරණය කොට ඇත.
ඒ අනුව සියලු ධීවර වරායන් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයට සූර්ය කෝෂ පද්ධති සවිකරන ලෙස අදාල බලධාරීන්හට උපදෙස් දෙයි.
ඇමතිවරයා මෙම අදහස් පළකලේ අද ධීවර අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදි ය.
මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,වර්තමානයේ පවතින විදුලිබලය පිළිබදව ගැටළු වලට විසදුමක් ලෙස සූර්ය කෝෂ පද්ධති සවිකිරීම තුලින් විදුලි බල ශක්තිය ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීම සදහා යම් දායකත්වයක් දැරිමට හැකියාව ලැබෙන බැවීන් විශාල භූමි භාගවල පැතිරී ඇති ධීවර වරායන් වල ගොඩනැගිලි හා පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තුළ සූර්ය කෝෂ සවිකිරීම අතිශය වැදගත් වන බව පෙන්වා දුන්නේය.
අමාත්‍යවරයා මේ සදහා ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරීයේ සහයෝගය ලබාගන්නා ලෙසද වැඩි දුරටත් පැවසුවේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරීයේ සභාපති රංජිත් සේපාල මහතා ඇතුළු නිලධාරින් රැසක් ද සහභාගිවුහ.