Spread the love


දිවයින පුරා කළ සෝදිසි මෙහෙයුම් වලදී උත්සව සමයේ වැඩි මිලට මත්පැන් අලෙවි කිරීම සදහා රජයේ අරක්කු ගබඩා කර තිබු හා නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත හා නිෂ්පාදනය කරමින් සිටියදී සැකකරුවන් 267 දෙනෙකු සමගින් රුපියල් ලක්ෂ දහයක් වටිනා මත්පැන් තොගයක් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.


අදාල නිලධාරීන් දිවයින පුරා මේ මස පළමු වැනිදා සිටි 15 වැනිදා දක්වා කාල සීමාව තුළ කළ මෙම සෝදිසි සෝදිසි මෙහෙයුම් වලදී අදාල සැකකරුවන් සමගින් මත්පැන් තොග කොටු කර ගැනිමට හැකිවු බව කොළඹ සුරාබදු වි‍ශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
සැකකරුවන් බොහෝ දෙනෙකු නත්තල් දිනවල රජයේ අරක්කු වැඩි මිලට අලෙවි කරීම සදහා ගබඩා කර තිබියදී කොටුකර ගැනිමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

මෙම සෝදිසි මෙහෙයුම් වලදී නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 17,ගෝඩා තිබු ස්ථාන 2 ක්,කසිප්පු අලෙවි කරන ස්ථාන 193 ක්,රා අලෙවිකරන ස්ථාන 18 ක්, රා ළඟ තබා ගෙන සිටි අයෙක් ,අරක්කු අලෙවි කරන ස්ථාන 6 ක් ,බියර් විකුණන ස්ථාන 26 ක්,බියර් විකුණන හා අලෙවි කරන ස්ථාන 4 ක් කොටුකර ගැනීමට සමත්වී තිබිණ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදි අදාල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට දඩුවම් පැමිණවීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම් .ජේ ගුණසිරි,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී ජයවර්ධන මහතාගේ මෙහෙය වීමෙන් , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.