මෙරට ආගමික රාජ්‍ය යක් .ආගමික නායකයින් වශයෙන් යායුතු මග පෙන්වා දිය යුතුයි. නත්තලත් බාල්දු කරනවා සංචාරක ඇමතිවරයා මේ ප්‍රදේශයේ කෙනෙක් නේ…
ගනේමුල්ල, බොල්ලත ප්‍රදේශයේ දේවස්ථානයක අද (12) උදෑසන පැවති දේව මෙයකට එක්වෙමින් කාදිනල් හිමියන් ඒ බව සඳහන් කළහ.
නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. නත්තලත් බාල්දු කරනවා. සංචාරක අමාත්‍යාංශය භාර ඇමතිතුමා මේ පළාතේ කෙනෙක් නේ. එයා ඒක වටහා ගන්න ඕනේ. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි.
