
නවම්පුර පසලොස්වක පොහොය දිනය අදයි. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් අද වැනි නවම් පුර පසළොස්වක පොහොය දිනයක සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සදහන් වෙනවා.
බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කිහිපයක් නිසා නවම්පුර පසළොස්වක පොහොය ශ්‍රී ලංකාවාසීන්ට වැදගත් වේ.