Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 58කිය ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ සිව්වන දිනයේ නිමාවට සුළු වේලාවක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසාන කඩුල්ල ලෙස කසුන් රාජිතව ලකුණු 20කට දවා ගැනීමට නායක ටීම් සවුති සමත්විය.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා ලකුණු 164කට දැවීගිය ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා ලකුණු 358කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 98ක් රැස්කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක් රැස්කළේය.

සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ නිශාන් මධුෂ්ක ලකුණු 39යි.

නායක සවුති සහ බ්ලෙයාර් ටික්නර් කඩුලු 3 බැගින් ලබාගත්හ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 04කට ලකුණු 580ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි.

නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 215ක් රැස් කළ අතර හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 200ක් රැස් කළේය.

ඒ අනුව තරගාවලිය 2කට 0ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය.