Spread the love

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා. ඒ, නවසීලන්තයේ වෙලින්ටන්හිදීයි.

තරඟ ආරම්භයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවුණා. ඒ අනුව දිවා ආහාරය වන තුරුම තරඟය ආරම්භ කිරීමට හැකි වුණේ නැහැ. කාසියේ වාසිය පවා උරගා බැලුවේ නවසීලන්ත වේලාවෙන් සවස 1 යි 40 ටයි. එහිදී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට එක්වන්නේ ප්‍රධාන වෙනසක් සමඟයි. ඒ අනුව කඬුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. ඒ වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ 23 හැවිරිදි නවක පිතිකරු නිශාන් මධුෂ්කයි. මෙය ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයයි.