Spread the love



ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම උදෙසා අලුත් මත්ස්‍ය ආහාර නැවුම් ලෙස හා අඩු මිළට ලබාදීම උදෙසා ශ්‍රී ලාංකාවේ සෑම ප්‍රධාන නගරයක්ම පාසාම ධීවර සංස්ථාවේ නවීකරණය කරන ලද මාළු වෙළදසැලක් විවෘත කිරීමට තීරණය කොට තිබේ.


එහි ප්‍රථිපලයක් ලෙස බම්බලපිටිය නිවාස සංකීර්ණය ඉදිරිපිට නවීකරණය කරණ ලද ධීවර සංස්ථාවේ අළෙවි සැලැක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අද විවෘත කරන ලදි.


මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, ජනතාවට විශ්වාසයෙන් යුතුව මාළු පරිභෝජනය කිරීමට ඒ සදහා සුදුසු ආකාරයේ විද්‍යුත් තරාදියක්, සෑම මිළදි ගැනීමකටම මුද්‍රිත බිල්පතක් නිකුත් කිරීම, අවශ්‍යතාවය අනුව මසුන් කපාදීම, තොග මිළ දි ගැනීමේදි විශේෂ වට්ටම් සහිත මෙම වෙළද සැල් විවෘත කරන බවත් මෙම වෙළද සැල ධීවර සංස්ථාවේ ඉහත කී වෙළදසැල් විවෘත කිරීමේ වැඩ පිළිවලට අනුව විවෘත කරන නවවැනි(09) වෙළදසැල බවත් පැවසුවේය.
මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජයන්ත චන්ද්‍රසෝම මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.