Spread the love

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ ඉදිකළ නවීන පරිපාලන ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවේ සභානායක,අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) විවෘත කෙරිණ.

මිලියන 150ක් වැය කරමින් ඉදි කර ඇති මහල් හතරකින් යුතු මෙම ගොඩනැගිල්ලහි ශ්‍රවණාගාරයක්,සහ විශ්වවිද්‍යාලයෙහි පරිපාලන කාර්යාල ස්ථාපිත කර තිබේ.ගොඩනැගිල්ල අවට පරිශ්‍රයේ පැළ රෝපණයක් ද මෙහිදී සිදු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති චන්ද්‍රිකා එන්.විජේරත්න,මණ්ඩපාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා,හිටපු මණ්ඩපාධිපති ආචාර්ය ටියුඩර් වීරසිංහ, ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.