ධිවර තාක්ෂණය නව පරපුරට හැදැරිමට ධිවර ඇකඩමියක් ආරමිභ කිරිමට පියවර ගන්නවා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සිනොර් ආයතනයේ නිරික්ෂණයකට එක්වෙමින් පැවසීය.
ධිවර අමාත්‍යංශයට අයත් සිනොර් ආයතනයේ මට්ටක්කුලියේ පිහිටි බොට්ටු නිෂ්පාදනාගාරයේ නිරික්ෂණ චාරිකවට එක්වෙමින් එහි පරිපාලනය නව සභාපතිවරයා ලෙස පත්කළ චුලන්ග හෙට්ටිආරච්චි මහතා විසින් ක්‍රියාත්මක කිරිමට යෝජිත ව්‍යාපෘති පිළිබඳ අධ්‍යයනය කළේය.
මෙහිදි දැනට ආයතනය මගින් නිෂ්පාදනය කරන ධිවර බොට්ටු පිළිබඳ සොයා බැලු අමාත්‍යවරයා ගැඹුරු මුහුදේ මත්ෂ්‍ය සම්පත නෙලා ගැනිමෙන් පසු එවා යාත්‍රා තුළ ඇසුරුම් කිරීම හා ඒ සදහා අවශ්‍ය ශිතාගාර පහසුකම් සවිකරන ආකාරය පිළිබඳ නිරික්ෂය කළේය.
මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ මෙම ආයතනය සතුව වටිනා සම්පත් රැසයක් තිබියදි එය පාඩුලබන ආයතයක් බවට පත්විම පිළිබඳ සිය කණගාටුව පළ කරන බවත් මෙම තත්ත්වය වෙනස් කර ලාභ ලබන ආයතනයක් බවට පත් කිරිමට වර්තමාන සභාපතිවරයා ව්‍යාපෘති වාර්තා රාශියක් පවතින අතර එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවිමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යංශ ලෙකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු සිනොර් ආයතනයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
තවද මෙම ආයතනය සතුව නවින තාක්ෂණය සහා පුහුණු නිළදාරින් සිටින බැවින් ශ්‍රි ලංකාවේ විශාල ධිවර යාත්‍රා අලුත් වැඩියා කරන ආයතනය බවට මෙය පත් කරන ලෙසත් නාවික හමුදා යාත්‍රා ඇතුලු මුහුදේ දියත් කරන සියලු යාත්‍රා නිෂ්පාදනය කිරීමට හැකි ආයතනයක් බවට පරිවර්තනය කිරීම නොර් වේ රජය හා ජපානයේ ජයිකා අයතනයේ අධාර ලබා ගැනිමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ තවද දැනටමත් ජයිකා ආයතනය මුහුදු තාක්ෂණය හා යාත්‍රා නිෂ්පාදනයට අවශ්‍ය නව තාක්ෂණය ලබාදිම සදහා නව ඇකඩමියක් ආරම්භ කිරීමට ලබාදි ඇති ආධාර මුදල් යොදවා එම ආයතනය හැකි ඉක්මනින් ආරම්භ කිරීම පියවර ගන්නට නිලධාරින්ට උපදෙස් දුන්නේය.
තවද මත්ෂ්‍ය අලෙවිය සදහා පාපැදික කරුවන්ට හා යතුරුපැදි කරුවන්ට ලබාදිම සදහා මත්ෂ්‍ය බහාලුම් පෙට්ටි නිෂ්පාදනයට වෙළෙඳ අමාත්‍යංශය මගින් ලබාදි ඇති රුපියල් මිලියන 200 ක මුදල යොදවා එම කටයුතු කඩිනම් කිරිමට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය සිනොර් ආයතනයේ නව සභාපති දුරන්ග හෙට්ටිආර් ච්චි මහතා, ආචාර්ය අන්ජන ලියනගේ මහතා සිනොර් ආයතනයේ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.