Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කඩ්රාල් මහතා මහතා අද (13) දිනයේ බාර දීමට නියමිතව තිබිණ

නව මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කර තිබුණි.

ඒ අනුව ඔහු ලබන 16වන දින මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමට ද නියමිතව ඇත.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සහ පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා පත් කරන නව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදහස් පළ කරමින් සඳහන් කළේය.