Spread the love

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (08) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.

මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු ලෙස කටයුතු කර ඇති කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා එහි ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.