Spread the love

මෙරටට ඩීසල් මෙට්ට්‍රික්ටොන් 40000 සහ පෙට්‍රල් මෙට්ට්‍රික්ටොන් 37500ක් රැගත් නෞකා දෙකක් අද (14) දිනයේ මෙරටට ළඟාවීමට නියමිත බව ලංකා ඛණිජ තෙල් නීති ගත සංස්ථාවේ සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා පැවසීය.

එසේ ලැබෙන ඉන්ධන කඩිනමින් බෙදා හැරීම ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

අපනයන කර්මාන්ත සදහා අවශ්‍ය ඉන්ධන සෘජුවම ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර අපනයන සංවර්ධන මණ්ඩලය සහ පොල් සංවර්ධන මණ්ඩලය සිදුකර ඉල්ලීමකට අනුව එම තීරණය ගත් බව පැවසීය.

එලෙස නිකුත් කරන ඉන්ධන වල වටිනාකම ඩොලර් වලින් ගෙවීමට පියවර ගන්නා බව එම මණ්ඩල දැනුම් දී ඇතිබව ද සභාපතිවරයා පැවසීය.

අපනයනය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදන සිදුකරන සමාගම් 350ක් සදහා එම වැඩපිළිවෙළ හරහා ඉන්ධන ලබා දීමට තීරණය කර තිබේ..