ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමන් කරනු ලබන්නේ ප්‍රතිපත්තිමය ගමනක් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ මඩ දේශපාලනය තමන්ට අකැප බවයි.
මාලිමාව එදා යහපාලන රජය සමග එකතු වී තමන්ට විරුද්ධව බොරු චෝදනා ගොනු කළ බවත් ඒ සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවට ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.
එම බොහොමයක් චෝදනාවලින් තමන්ගේ පාර්ශවයන් අධිකරණය විසින් නිදොස් කර නදහස් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
