Spread the love

පවතින අධික වැසි සහිත කාළගුණය හේතුවෙන් දිස්ත්‍රික් කිහිපයක් සඳහා නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (16)පස්වරු 05.00 දක්වා දීර්ඝ කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කළවාන සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සඳහා නිකුත් කළ අදියර තුන යටතේ වන ඉවත්වීමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙයි

.කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැළියගොඩ, කොළොන්න, අයගම, ඇළපාත, බලංගොඩ, ඉඹුල්පේ, ගොඩකවෙල, කිරිඇල්ල, නිවිතිගල සහ කහවත්ත යන ප්‍රදේශවලට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දී තිබේ.
මේ අතර පවතින වැසි හේතුවෙන් කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට විමසිලිමත්ව සිටින ලෙසට නිකුත් කළ නිවේදනය ද තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සදහන් කරයි.