Spread the love


ඉල්ලිම් ගණනාවක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) දින උද්ඝෝෂණයක් පැවැත්වීමට පැමිනි සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් දස දෙනෙකු නාවලපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරිම සදහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිමට නගරයට පිවිසිමට උත්සහ කිරිමේදි මෙම පිරිස පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය නගරයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විම සහ සමගි ජන බලවේගයේ පැවැත්විමට තිබු උද්ඝෝෂණය හේතුවෙන් අමතර පොලිස් බලැණි සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.