Spread the love


රටට ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් දායකත්වයක් සපයනු ලබන වෘත්තිය කණ්ඩායමක් වන වෙළඳ නාවික ප්‍රවාහන ක්ෂේත්‍රය ආශ්‍රිතව සේවා නියුක්ත නාවිකයින් වෙත ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සහ වෙළඳ නාවික
ලේකම් කාර්යාලය ඒකාබද්ධව “ නාවිකයා” නමින් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී ඇත.
අන්තර්ජාතික කම්කරු සංවිධානයේ 2006 සම්‍රදීය කම්කරු ප්‍රඥප්තියට අනුකූලව (වයස් ගත වීම, රැකියා ආශ්‍රීතව සිදු වන හදිසි අනතුරු සහ රැකියා හේතුකරගෙන ඇතිවන රෝගී තත්වයන් අකර්මන්‍ය වීම, පවුල් ප්‍රතිලාභ සහ යැපෙන්නන්ගේ ආරක්ෂාව යන ක්ෂේත්‍ර පදනම්ව ) වෙළඳ නාවිකයන් සදහා අවශ්‍ය සමාජ ආරක්ෂණය මෙම යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව සේවායෝජක නැව් සමාගම්හි අනිවාර්යය මූල්‍ය දායකත්වය මත “ නාවිකයා” නමින් ආරම්භ කල සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකත්වය ලැබු පළමු නාවිකයින් 40 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සඳහා සමාජ ආරක්ෂණ
ඔප්පු ප්‍රධානය ඊයේ පෙරවරුවේ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

ACEME International Shipping ( pvt) Ltd සමාගම මගින් රැකියාව සඳහා පිටත්ව යන සහ පිටත්ව ගිය 40 දෙනෙකුගෙන් යුත් නාවිකයින් කණ්ඩායමක් මේ සඳහා ඇතුලත් වේ.
ඔප්පු ප්‍රදානෝත්සවය වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් මහතා ඇතුළු නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.