Spread the love

වයස අවුරුදු 12 වැඩි නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන්ට  කොරෝනා මර්දන එන්නත ලබාදීම එම දරුවන් ප්‍රතිකාර ලබන විශේෂඥා වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට තීරණය කර ඇතිබව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥා වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

එම දරුවන්ට එන්නත් ලබාදීම සදහා දරුවන් ප්‍රතිකාර ගන්නා විශේෂඥා වෛද්‍යවරයා වෙත යොමුවිය යුතු බව පැවසීය.එන්නත ලබාදීමෙන් පසුවද එම දරුවන් පිළිබඳව එම විශේෂඥා වෛද්‍යවරයා අවධානයෙන් කටයුතු කරන බව සදහන් කළේය

.එම දරුවන් පිළිබඳ වගකිම දරුවන් ප්‍රතිකාර ගන්නා රෝහලේ ළමා ඒකකය සහ අදාළ විශේෂඥා වෛද්‍යවරුන් භාර ගන්නා අතර මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දරුවන් ප්‍රතිකාර ගනු ලබන සායන වලින් ලබා ගත හැකි බවද වැඩිදුරටත් පැවසීය