Spread the love

දුම්රි රියදුරන් හට නිදා .ගැනීමට කාමර පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තුමේන්තුව පියවර නොගැනීම හේතුවෙන් මේ’ වනවිට දුම්රිය රියදුරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කොට ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.
මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ හා ප්‍රවාහන අමාත්‍යතුමාගේ මැදිහත් වීම මත දුම්රියෙන් එළවළු හා භාණ්ඩ ප්‍රවහනය තව දුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණ සහිතව වැඩපිළිවෙළක් සකස් කරමින් සිටී.
මේ හේතුව නිසා දුම්රිිය කිහිපයක් ධාවනය නොවු අතර මගීන් විශාල වශයෙන් දැඩි පීඩාවට පත්වුහ. දුම්රිය ප්‍රමාදය සමාන්‍ය දෙයක් බවට පත්වී තිබෙන අතර වෙනදාට රජරට රැජින දුම්රිය අනුරාධපුරයේ සිට මාතර බෙලිඅත්ත බලා ධාවනය වෙද්දී දුම්රිය පැය ක් හෝ එකහමාරක් ප්‍රමාද වි ධාවනය කිරිමට පුරුදුව තිබිණ අද දිනයේ වර්ජනය තිබියදීත් පැය එකහමාරක් ප්‍රමාද වී ධාවනය කිරීමට සාමාන්‍ය දෙයක් බවට පත්වි තිබිණ.

එහි විශේෂ කාර්තවයක් කොළඹ බඩු ගබඩා අංගනයෙන් සිදු කරනු ලබන අතර එම බඩු ගබඩා සංකීර්ණයේ කාර්‍යාලයේ එක් කමරයක් තාවකාලික පදනම මත රියදුරුන්ගේ නවාතැන් ගැනිමේ කාමරයක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා දි ඇති අතර ඊට යාබදව පිහිටි තවත් කාමරයක් නිදා ගැනීමේ පහසුකම් සපයන ලෙස ඉල්ලා අද උදෑසන සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරිමට දුම්රිය රියදුරු සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව අද දින ධාවනය කිරීමට නියමිත ව තිබු දුම්රිය බලවේග කට්ටල S 09, S 10 සහ S 12 බලවේග දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට එම රියදුරු සංගමය කටයුතු කිරීමත් සමඟ උදෑසන කොළඹ කොටුව සිට ධාවනය කිරීමට නියමිතව තිබු දුම්රිය කිහිපයක් අවලංගු වීම මත කාර්යාල බලා ගමන් කිරීමට බලාපොරොත්තු වූ මගී විශාල සංඛයාවක් මෙමගින් දැඩි අපහාසුතාවයට ලක් විය.

එමෙන්ම සවස් වන විට විශාල දුම්රිය ප්‍රමාණයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග සමඟ අවලංගු කිරීමට දුම්රිය රියදුරු සංගමය බලාපොරොත්තු වන බව වාර්තා වී ඇත.