Spread the love

නාඳුනන පිරිසක් විසින් නිවසක නිදා සිටි පුද්ගලයෙකුගේ ගෙලට මන්නයකින් කොටා පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා.


ඊයේ (07) දහවල් 2.20 ට පමණ කළුතර පලාතොට පාර තේක්කවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තුළට ඇතුළු වූ පිරිසක් විසින් මෙලෙස මන්නයකින් පහර දී ඇති අතර සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ එම නිවසෙහි නිදා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ අනුරුද්ධ ධනංජය ද සිල්වා නොහොත් සඳුන් යනුවෙන් හඳුන්වන 27 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.