නිමල් රාජපක්ෂ-
.
දැන් නැගෙනහිර පරියන්තය ගැඹුරු නිසා විශාල නැව් ගෙන ඒමට පුළුවන්කම තියෙනවා යැයි රාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
MSC America ( ඇමෙරිකා ) නෞකාව කොළඹ වරායට පැමිණීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධීකාරියට අයත් නැගෙනහිර බහලු පරියන්තයේදී (ECT) විශේෂ සමරු ඵලක හුවමාරුවක් වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා හා නෞකාවේ කපිතාන් මට්ලින් ඇලෙක්සැන්ඩර් (Capt. Matlin Alexander ) යන මහත්වරුන් අතර සිදු විය.
මෙහිදි අදහස් දැක්වු ඇමතිවරයා,
නැගෙනහිර පර්යන්තයේ ඉතිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 5.9 ක මුදලක් දීලා සංවර්ධන කටයුතු ඉක්මන් කරගෙන යනවා. අද දින MSC සමාගමට අයත් දැවැන්ත නෞකාවක් කොළඹ වරාය හරහා කන්ටේනර් රැගෙන යාමට දායක වෙලා තියෙනවා ඔවුන් තෝරා ගෙන තියෙනවා මෙවැනි නැව් මාර්ග 04 ක් අළුතෙන් එක් කරන්නත ඒ තුලින් කොළඹ වරායේ කන්ටේනර් ධාරිතාව වැඩි වෙනවා, අපේ අදායම් මාර්ල වැඩි වෙනවා. කොළඹ වරාය පිලිබඳව ජාත්‍යන්තර
නැව් සමාගම් තබා ඇති විශ්වාසය තහවුරු වී තිබෙනවා……
වරාය ප්‍රවර්ධන වැඩපිලිවෙල යටතේ පැමිණි පලමු නෞකාව නැගෙනහිර පර්යන්තයට කොළඹ වරාය වෙත නව නෞකා සේවාවන් අකාර්ශනය කර ගැනීමේ ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන යටතේ වූ පලමු නෞකාව MSC America ( ඇමෙරිකා) අද දින (.07) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය (ECT) වෙත සේන්දු විය.
රටේ පවත්නා ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් තවදුරටත් වෙළඳ නාවික ක්ෂේත්‍රයේ උපයාමාර්ගික ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා වරාය හා නාවික අමාත්‍යංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, CICT පර්යන්තය, SAGT පර්යන්තය, ශ්‍රී ලංකා නැව් නියෝජිත සංගමය, ( CASA), ශ්‍රී ලංකා නැව් හිමිකරුවන්ගේ සංගමය,(SLAO ) එක්ව මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති අතර ඒ තුලින් කොළඹ වරාය වෙත නව නෞකාවන් ආකාර්ශනය කර ගැනීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කර ගැනීම, නාවික සේවා කඩිනම් කිරීම, සේවා සැපයුම් හා ගුදම් කලමණාකරණය, බහළු හා නැව් භාණ්ඩ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම
යන අංශය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.
ප්‍රතිඅපනයන බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස (Hub Port ) කොළඹ වරාය සතුව ඇති ආකාර්ෂණය මත ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ අද දින නැගෙනහිර පර්යන්තය වෙත පැමිණී MSC America ( ඇමෙරිකා) නෞකාව සෑම සතියකට වරක්ම කොළඹ වරායට පැමිණිමට නියමිතය.
MSC – ඇමෙරිකා නෞකාව මෙරටට බහලු 1500ක් අද දින රැගෙන විත් ඇති අතර එය සෑම ගමන් වාරයකදීම බහලු 2000 ක් රැගෙන ඒමට සැලසුම් කොට ඇත. මෙම නෞකාව දිගින් මීටර් 334 කින් යුතු අතර ගැඹුර මීටර් 7.5 කි.