Spread the love

හිටපු රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කළ නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවට වාර්තා වනවා.

දැඩි ආන්දෝලනයකට තුඩු දුන් දේශපාලකයින් ඇතුළු පුද්ගලයින් විසින් සිදුකෙරුණු බදු පැහැරහැරීම්, අයථා ධනය රැස්කිරීම්, සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ආදිය හෙළිදරව් කළ පැන්ඩෝරා පත්‍රවලද අයගේ නම සඳහන්ව තිබුණා.

ඒ අනුව නිරූපමා රාජපක්ෂ ඊයේ (05) රාත්‍රී 10.25 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-655 දරණ ගුවන් යානයෙන් කටුනායක සිට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.