Spread the love


දිවයිනේ (16) අද පෙරවරු 06.00 අවසන්වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකල පුද්ගලයන් 965 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසීය.
එහිදී වාහන 89 ක් හා පුද්ගලයන් 73078 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.
පලාත් සංචරණ සීමාව මේ වනවිට දැඩිව ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව අනෙකුත් පලාත් වල සිට බස්නාහිර පලාතට ඇතුළු වන ස්ථාන 13 කදි රථවාහන පරීක්ෂා කිරීම සිදුවන බව පැවසීය.
ඒ අනුව ගත වූ පැය 24 තුළ බස්නාහිර පලාතට ඇතුළු වීමට හා පිටවීමට උස්සාහ දැරූ රථවාහන 961 සමඟ පුද්ගලයන් 1373 පරීක්ෂාවට ලක්කර තිබේ.
තවදුරටත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.