Spread the love

දිවයිනේ අද (26)පෙරවරු 06.00 අවසන්වූ ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකර පුද්ගලයන් 376 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
එහිදී වාහන 25 ක් , පුද්ගලයන් 78253 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.
පළාත් සංචරණ සීමාව මේ වනවිට දැඩිව ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව අනෙකුත් පළාත් වල සිට බස්නාහිර පළාතට ඇතුළු වන ස්ථාන 13 කදි රථවාහන පරීක්ෂා කිරීම සිදුවන බව පැවසීය.
පැය 24 තුළ බස්නාහිර පළාතට ඇතුළු වීමට හා පිටවීමට උස්සාහ දැරූ රථවාහන 1593 සමඟ පුද්ගලයන් 2445 පරීක්ෂාවට ලක්කර තිබේ.
තවදුරටත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.