Spread the love


නිමල් රාජපක්ෂ –

දිවයින පුරා සිදුකෙරෙන නිීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් නිතියේ රැහැනට ගැනීම සදහා සුරාබදු නිලධාරීන් පැය 24 පුරාම සිීරුවෙන් සිටින බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.


ඒ අනුව මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට මාස දහයක් ඇතුළත දිවයින පුරා සිදුකල නිති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිිපත් කර හා බලපත්‍ර කොන්දේසි කඩකරමින් මත්පැන් ජාවාරම් නිරත බලපත්‍ර ලාභීන් ගෙන් සමථ ගාස්තු අයකර ගෙන රුපියල් අසුපන් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබාදිමට සමත්වී ඇතැයිද නිරෝෂ් ජයකොඩි මහතා වැඩි දුරටත් පැවසුවේය.


දිප ව්‍යාප්තව සිදු කළ වැටලීම් වලදි නිිති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කොට සැකකරුවන් 2462 ක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.
මෙහිදි නීති විරෝධී මත්පැන් පෙරණ ස්ථාන 58 කුත්, විදේශීය මත්පැන් විකීනීම් 308 ක් , බලපත්‍ර නොමැතිව අරක්කු විකිනිම් 32 කුත් , කසිප්පු ස්ප්‍රීතු ලගතබා ගැනීම් 1665 වශයෙන් ග්‍රහන සිදු කර ඇත.


මෙම වැටලිම් වලදි මහා පරිමානයේ ම්තැපැන් ස්කාගාර 3 ක් ජාඇල ප්‍රදේශයෙන්ද , සුපිරි අවන්හල් කොළඹ ප්‍රදේශයෙන් ද වටලා සැකකරුවන් 2300 ක් පමණ අධිකරණ වෙතඉදිරිපත් කර කොට රුපියල් හැට ලක්ෂයක දඩ ආදායමක් ලබා ගැනීමට සමත්විය.
නිති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකුගෙන් ව්‍යාජ ගැනුම්කරුවකු ලෙස වෙස්වලාගෙන ගොස් මත්ද්‍රව්‍ය මිලදි ගැනීමට මතුගම ප්‍රදේශයට ගිය අවස්ථාවේ සුරාබදු නිලධාරීයකුට මන්නයකින් කොටා මුදල් කොල්ලකෑමේ ශෝචනිය සිද්දියක් දපසුගිය දිනක සිදුවුවා . ‍අකරතැබ්බයට මුහුණ දුන් නිලාධාරීයා තවමත් රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඉතා මරුබලයෙන් ප්‍රතලිත බැවින් සුරාබදු නිලධාරින්හට රාජකාරී කිරීමේදි ආත්මාරක්ෂාව වෙනුවෙන් රජය මගින්මේ වනවිට පිස්තෝල ලබා දි තිබෙන බවද නිරෝෂ් ජයකොඩි මහතා පැවසුවේය.


හෝටල් ආපනශාලා හා රටබිම හල්වල සිදු කළ වැටලීම් වලදි බලපත්‍ර කොන්දේසි උල්ලංගනය කරමින් මත්පැන් ජාවාරම සිදුකළ ස්ථාන 90 කට කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කොට රුපියල් ලක්ෂ 10 සමථ ගාස්තුවකුත් , ව්‍යාජ ස්ටිකර් ජාවාරම සිදු කල බලපත්‍ර ස්ථාන දෙකකට රුපියල් ලක්ෂ 15 සමථ ගාස්තුවකුත් අයකර ගැනීමට සුරාබදු නිලධාරින් සමත්වි ඇත.

විඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න

අතිරේක සුරාබදු කොමාසාරිස් ජෙනාරල් ආචාර්ය කපිල කුමාරසිංහ මහතා ගේ උපදෙස් මත ,නියෝජ්‍ය නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් නිීති චන්න විර්ක්කොඩි ,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ෂාමන් රත්නායක යන මහත්වරුන්ගේ අධික්ෂණය යටතේ , සුරාබදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වා ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු අධිකාරී පී.ඒ සුනිල් , යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක නිරෝෂ් ජයකොඩි මහතා නිලධාරින් 34 දෙනෙකුගේ සහාය ඇතිව මෙම වැටලිම් සිදු කළහ.