Spread the love

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් නිවසක් තුළට කඩාවැටීම නිසා එහි සිටි පිරිස පස්කන්දට යටවී ඇත.

එම නිවසේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මුදා ගැනීම සදහා යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි 8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මේවනවිට යුහුසුළුව කටයුතු කරනු ලබති. ‌

මේ වන විට ඔවුන් එක් පුද්ගලයකු (පියා) මුදාගෙන ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇති අතර, අනෙක් අයවළුන් ගලවා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු සිදුකරමින් පවතී.