Spread the love

බියගම මල්වාන පාරේ යබරළුව ප්‍රදේශයේ නිවසක මහා පරිමානයෙන් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනා ගාරයක් වටලා රුපියල් ලක්ෂ පහලොවක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් ‌දෙදෙනකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ ගෝඩා ලීටර් දහසකට වැඩි ප්‍රමාණයක් ,කසිප්පු ලිටර් 508 ක්,හීටර් 4 ක් ,දගරයක් බැරල් විස්සකට වැඩි ප්‍රමානයක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතා පවසයි.
සැකකරුවන් රුපියල් පහලොස් දහසක මුදලකට කුලියට ලබාගත් මෙම නිවසේ විදුලිය පවා හොරෙන් අරගෙන මත්පැන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇතැයිද ප්‍රශ්න කිරිමේදී තොරුතුරු අනාවරණය වී තීබේ.
සුරාබදු කොමසාරිස් ජෙනරාල් එච්.ජී ගුණසිරි මහතාට දල තොරතුරකට අනුව මෙම වැටලිම සිදු කොට තිබේ. මෙහිදී සැකකරුවන් සුරාබදු නිලධාරීන් එම ස්ථානයට ගිය අවස්ථාවේ මවිතයට පත්වී තිබිණ .මන්ද යත් ඹවුන් මත්පැන් නිෂ්පාදනයයේදි හමන මත්පැන් ගද පහලට නොයන ලෙස නිවසින් ඉහලට බට දමා තිබු අතර ඉවතලන ගෝඩාද නානකාමරයේ වතුර වලට යවා තිබිණ.
මේ දිනවල ගෑස් නොමැති කමින් වතුර උණු කරන හීටර් හතරක් බැරල් එකකට සවිකර ඒතුළින් ම්ත්පැන් නිෂ්පාදනය කර ඇති අතර ඉතා රහසිගතව සුක්ෂම අයුරින් පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයේ මත්පැන් කිසිවකුට සැක නොසිතෙන ලෙස බෙදාහැර ඇතැයිද අනාවරණය වි තිබේ.
අත්අඩංගුවට ගත් 38 හා 48 හැවිරිදි සැකකරුවන් දෙදෙනා සුරාබදු ඇපමත නිදහස් කල අතර ඉදිරියේදී කඩවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීටම නියමිතය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයාගේ උපදෙස් මත , සුරාබදු කොමාසාරිස් (නීති )කපිල කුමාරසිංහ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී ජයවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ , කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරික්ෂක ප්‍රමේෂ් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ,සුරාබදු
පරීක්ෂක ඉන්දික ,සැරයකන් වරුන්වන 842 නජිත්සිං, 673 රත්නායක, 722 සම්පත්, 825 මංජුල, 828 හර්ෂ,රියදුරු හේරත්, තිලිණ යන නිලධාරීහු මෙම වැටලිම සිදු කළහ.