මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් කරා යන ගමන සාක්ෂාත් කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියත් කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ව වසර 2022 ගෙවතු වගා වැඩසටහනක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

ඒ අනුව ජාතික නිවාස සංවර්ධන අධිකාරියඔබට ගෙයක් – රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ නිවසක් ඉදිකර ගැනීම සඳහා දැනට ලබා දෙන රුපියල් ලක්ෂ හයක ආධාර මුදල රුපියල් ලක්ෂ හය හමාර දක්වා වැඩි කිරීමටද කටයුතු යොදා ඇතැයිද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය එක්ව ක්‍රියාත්මක කරනු ලබන ඔබට ගෙයක් – රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිට්ටඹුව, කත්තොට ප්‍රදේශයේ ඉදිකළ නව නිවස විවෘත කිරීම හා ප්‍රතිලාභීන් 86 දෙනෙකු සඳහා නිවාස ආධාර සහ ණය චෙක්පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි.
එහිදී ප්‍රතිලාභීන් සියළු දෙනා හට පොල් පැළද ලබා දෙන ලදි.
