Spread the love


වර්ථමාන විපක්ෂ නායකතුමන් නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ මඩකලපුවේ ඉදිකල නිවාස ව්‍යාපෘතිය අතරමග නතර කොට රටේ ජනතාව මුලා කරමින් නිවාස සාදන මුවාවෙන් භාණ්ඩාගාරය හිස් කර තිබෙන බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පැවසුවේය.

ඉදිරි අයවැයෙන් මෙම නිවාස ව්‍යපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වර්ථමානයේ රජය කෙරේ ජනතාව තුළ මතුව ඇති අප්‍රසාදය තාවකාලික බවත් ,පැවති යුද්ධය හා රට තුළට පැමිණි කොරෝනා උවදුර මැඩළු ආකාරයට මෙම අප්‍රසාදය ජයග්‍රහණය කිරීමට ජනාධිපතිතුමන්ට හැකියාව ඇති බවට තමන් දැඩි විශ්වාසයක් පවතින බවත් පැවසුවේය.

අමාත්‍යවරයා මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදු කල සංචාරයේදී පවසා සිටියේ, උතුරු මුහුදේ ඉන්දියාවේ ධීවරයින් විසින් සිදු කරනු ලබන ධීවර කටයුතු හා ආක්‍රමණයන් නතර කිරීමට ගන්නා තීන්දු වලදී ඉන්දියාව අප සමග ගැටළු ඇති කර ගත්තද උතුරු මුහුදේ සිදු කරන බොටම් ට්‍රෝලින් ක්‍රමය නතර කිරීමට ජනාධිපතිතුමන් හා අග්‍රාමාත්‍යතුමන් පූර්ණ සහයෝගය ලබා දී ඇති බව ද පැවසීය.
ඉදිරියේදී අප රජයේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මඩකලපුවේ තිබෙන ගැටළු වලට විසදුම් ලබා දීමට අපේක්ෂා කරන බවද පැවසීය.