Spread the love


නිමල් රාජපක්ෂ-

අපි පුලුවන් තරම් මේ තියෙන දෝෂ දර්ෂයන් ඉවත් කරගෙන ගමනක් යන්න පුලුවන්නම් අපි සියලු දෙනාටම හුුස්ම යනවිට අපිට සතුටින් මිය යැදෙන්න පුලුවන්. වෙන කුසල කර්ම අවශ්‍යනැහැ තමන් කරන වෘත්තීය තුළ පුලුවන් කුසල කර්ම පුදන්න’ තමන් කරන රාජකාරිය තුළින් බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී.එස්. පොල්වත්තගේ මහතා පැවසුවේය.


පොල්වත්තගේ මහතා එසේ පැවසුවේ අද (8) පෙරවරුවේ පැවැති සුභ මොහොතින් අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බාරගත් අවස්ථාවේදීය .


මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
දුම්රිය දෙපාර්තුමේන්තුව සුවිශේෂි ආයතනයක්. විවිධ දක්ෂතා හැකියාවන් නිර්මාණ කරුවන් සිටින ආයතනයක් .

මෙතන තිබෙන සම්පත් දැක්කම ඒහා හො ද විධිහට කටයුතු කලහම මීට වඩා හොද යහපත් සේවාවක් ලබාදෙන්න පුලුවන්. රටේ තිබෙන ආර්ථික ව්‍යසනයත් එක්ක අපිට දේශපාලන විසදුම් නැහැ.

අපිට නව චින්තනයත් එන්ක යන්නවෙනවා.කොහොමද අපි ප්‍රසස්ත සේවාවක් ලබා දෙන්නේ. ඒක තමයි අපේ යුතුකම වගකිම . අපි අපිම හැදෙමු යැයිද පැවසුවේය .
වැඩි දුරටත් අදහස් දැක්වු පොල්වත්තගේ මහතා ,

වීඩියෝව නරඹන්න subscribe කරන්න