Spread the love

නීතියදැඩිව ක්‍රියාත්මක කරමින් සුපිරි වෙළද සැල් වලට මෙන් ස.තොස .වෙළද සැල් වලටත් මත්පැන් බලපත්‍ර ලබාදීමට රජය පියවර ගැනීම නිසා ජනතාව එම වෙළද සැල් වෙත පියමන් කිරීමේදී ඇතැම් මත්පැන් බලපත්‍ර ලාභීන්ගේ කූට ජාවාරම් වලට වැට බැදෙන බැවින් ඹවුන් දැඩිසේ කලබලවී තම දෙපාර්තුමේන්තුවට චෝදනාවන් එල්ල කරන බ ව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි පවසයි.

සුරාබදු ‌කොමසාරිස් ජෙනරාල් වරයා එසේ පැවසුවේ තම දෙපාර්තුමේන්තු ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
වැඩි දුරටත් අදහස් දැක්වු කොමසාරිස් ජෙනරාල් වරයා,

 ප්‍රමිතියෙන් තොර මත්පැන් වෙලදපලෙන්  ඉවත් කිරීමට සිය දෙපාර්තමේන්තුව ගත් තීරණයට එරෙහිව සුරාසැල් බලපත්‍ර ලාභීන් මෙලෙස චෝදනා එල්ල කරන බවයි. 

බලපත්‍ර ලත් ස්ථානවල ව්‍යාජ මත්පැන් අලෙවියට තබා අසුවුහහොත් බලපත්‍ර ලාභියාගේ තරාතිරම නොබලා රුපියල් ලක්ෂ පහක උපරිම දඩයක් හෝ බලපත්‍රය අත්හිටුවීමට පියවර ගන්නා බවද එම්.ජී ගුණසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.

සුපිරි වෙළෙඳ සැල් වලට නිකුත් කරන මත් පැන් බලපත්‍ර හරහා ඒවා මඟින් මඟින් ප්‍රමිතියෙන් යුත් මත්පැන් ලබා ගැනීමට ජනතාවට හැකියාව පවතින බැවින් ජනතාව ඒවා වෙත යොමු වීම වැළැක්වීමෙන් අරමුණින් සුරාබදු බලපත්‍රලාභීන් මෙලෙස චෝදනා කරන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා තව දුරටතේ පැවසුවේය.
ඇතැම් සුරා සැල් වල නීත්‍යානුකූල මත්පැන් බෝතල් වලට නීති විරෝධී මත්පැන් පිරවීම,මත්පැන් කලවම් කිරීම වැනි කූට ව්‍යාපාර ද සිදු කර ගෙන යන බවත් එවැනි ස්ථාන දිගින් දිගටම වැටලිම් සිදු කර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් නීති ක්‍රියාත්මක කිරීම් කපිල කුමාරසිංහ මහතා පැවසුවේය..

වැඩි විස්තර සදහා වීඩියෝව නරඹන්න subscribe කරන්න.