Spread the love

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රුපියල් කෝටි 700 ක් වටිනා වාහන 112 ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රජ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි

2015 සිට 2022 න් විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම රථවාහන දැනට භාවිතා කරන පුද්ගලයන්ගෙන් රැගෙන රජසන්තක කිරීම සිදු කිරීමට නියමිතයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රථ වාහන මිල දී ගැනිමේ දී ඒවා නිසි ක්‍රමවේද ඔස්සේ ආනයනය කර තිබේ ද යන්න සොයා බැලීම මිල දී ගන්නා පාර්ශ්වයන්වල වගකීම බවයි වැඩි දුරටත් සඳහන් කළේ.