Spread the love

ලෝක කුසලාන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති අද (16) තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.

තරගයේ කාසියේ වාසිය දිනු එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ නායකයා  ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව, පිටියට පිවිසි එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 111ක් ලබාගත්තේය.

එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් මුහම්මද් වසීම් ලකුණු 41ක් රැස් කළ අතර වී අරවින්ද් ලකුණු 18ක් රැස්කළේය.

පන්දු යැවීමේදී Bas de Leede කඩුලු 3ක් දවාගත් අතර ෆ්‍රෙඩ් ක්ලැසන් කඩුලු 2ක් ලබාගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 112ක් රැස්කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් මැක්ස් ඕ ඩවුඩ් ලකුණු 23ක් රැස්කළ අතර කොලින් ඇකර්මන් ලකුණු 17ක් රැස් කළේය.