Spread the love

සංචාරක නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක විශිෂ්ඨ ජයක් ලැබීමට දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 370ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 39යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 224ක් පමණයි.