Spread the love


මහජනතාවට ඊයේ දිනයේ ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණව  විවෘත කිරීමෙන් අනතුරුව එය නැරඹීමට පැමිණි ජනතාවගෙන්රුපියල් ලක්ෂ 15ක පමණ ආදායමක් හිමි කරගෙන ඇත..

ඊයේ දිනයට පමණක් නෙළුම් කුළුණ නැරඹිමට විදේශිකයන් 21 දෙනෙකු හා පුද්ගලයින් දෙදහසකට ආසන්න පිරිසක් පැමිණි බව නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.