Spread the love


නොර්ත් සී ආයතනයේ විරවිල කර්මාන්ත ශාලාව වැසී යාමට නොදී නව කළමණාකරුවකු හා අමුද්‍රව්‍ය ලබාදී ලාභ උපයන කර්මාන්ත ශාලාවක් බවට පත් කරන බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.


දේවානන්ද මහතා එසේ පැවසුවේ විරවිල නොර්ත් සී ආයතනයේ සේවක පිරිසක් සමගින් ඊයේ පැවැති සාකච්ජාවකදිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මේරට මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතනය වන ධිවර අමාත්‍යාංශය යටතේ ඇති නොර්ත් සී ආයතනය අමුද්‍රව්‍ය හා සේවක ප්‍රශ්න හේතුකොට ගෙන පසුගිය දිනවල වැසී යාමේ තර්ජනයට ලක්වී තිබුණද එයට කඩිනමින් විසදුම් ලබාදිම සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි විරවිල කර්මාන්තශාලාව සදහා වැඩ බලන කළමණාකරුවකු පත් කිරිමට අමාත්‍යාංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මියට උපදෙස් ලබා දුන්නේය.

අමුද්‍රව්‍ය හැකි කඩිනමින් සපයා දෙන බවත් ඒ අනුව කර්මාන්තශාලාවේ නිෂ්පාදන වර්ධනයවිමත් සමග නිසි අයුරින් ස්ථාවර දිනයකදි වැටුප් ගෙවීමට පියවර ගන්නා බවද එම ආයතනයේ නිළධාරින්ට පැවසුවේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශය ලේකම් ඉන්දු රත්නායක මහත්මිය අතුලු නිළධාරින් පිරිසක් සහභාගි විය.