
. නොවැම්බර් මාසය අවසන්වීමට පෙර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 24 මෙරටට ආනයනය කරන බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි
.ඒ, ඉදිරි පෙළ සෞඛ්‍ය අංශ ඇතුළු ප්‍රමුඛතම කණ්ඩායම් සඳහා කොවිඩ් මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීම වෙනුවෙනි
ශ්‍රී ලාංකිකයින් 01කෝටි 50 ලක්ෂයකට පළමු මාත්‍රාවත් 01 කෝටි 30 ලක්ෂයකට මාත්‍රා දෙකම සම්පූර්ණ කර ඇති බවත් මෙරට කොරෝනා වසංගතයට එරෙහිව එන්නත් කිරීමේ වැඩපිළිවෙල අවසන් අදියරයට පැමිණ ඇති බවය පැවසුවේය
වයස අවුරුදු 16-19 අතර පාසල් ළමුන් සහ නව යොවුන් තරුණ තරුණියන් සඳහා පළමු එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ෆයිසර් එන්නත භාවිත කරයි.
ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්, කොරෝනා මර්දන කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශවල නිලධාරීන් සහ සංචාරක කර්මාන්තයේ කටයුතු කරන්නන් සඳහා නොවැම්බර් මාසයේ පළමු සතියේ සිට කොවිඩ් මර්දන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මේ මාසයේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්, නොවැම්බර් මාසයේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 21 ලැබීමට නියමිත බවත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ද තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දකුණු ආසියානු කලාපයේ තුන්වන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදෙන පළමු රට ශ්‍රී ලංකාව වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.