Spread the love

රාජ්‍ය සේවකයින්ගේ මාර්තු සහ අප්‍රේල් වැටුප් ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් යොදා ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු දීමනා ලබාදීම සඳහා රුපියල් බිලියන 196 ක් පමණ වැයවන බවත්, අපේක්ෂිත ආදායම ඇත්තේ බිලියන 173 කි.
එම නිසා රුපියල් බිලියන 23 ක පමණ හිඟයක් පවතින බවත්, බහු පාර්ශවික ණය බිලියන 500 ක් ගෙවිය බැවින් ර මාර්තු මාසය සඳහා රුපියල් බිලියන 500 ක පමණ හිඟයක් පවතින බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ණය පහසුකමෙන් කොටසක් මේ සඳහා යොදා ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.