Spread the love


කොරෝනා වසංගත සමයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක කළ සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් ලක්ෂ පනහක්(50 00 000/-) වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 1070 දෙනෙකු ජාඇල සුරාබදු අධිකාරී කාර්යාලයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ කසිප්පු මිලි ලීටර්1325050 ක්, විදේශීය සිගරැට් 90 000 ක් ඇතුළුව මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දගර ,ගෑස් ලිප් ,බැරල් ,යුරියා,ඊස්ට් ,බැරල් ඇතුලු උපකරණ තොගයක් තිබු බව ජාඇල සුරාබදු අධිිකාරී ආර්.ඒ.ඩී .ඉන්ද්‍රනාත් මහතා පවසයි.

මීගමුව ,කටාන, මිනුවන්ගොඩ ,ජාඇල, වත්තල, කැලණිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ගතවු මාස අට තුළ කළ සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 24 ක්,කසිප්පු ළඟ තබා ගෙන සිටි 523 ක්,බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණීම් 16 ක්,රටබීම විකිණීම් 27 ක්,තීරු බදු නොගෙවු සිගරැට් ලඟ තබා ගෙන ගැනීම් 96 ක්,ගංජා ලඟ තබා ගෙන සිටි 105 ක්, හෙරොයින් ලඟ තබාගෙන සිටි 257 ක් කොටු කර ගැනීමට සමත්වු බවද ඉන්ද්‍රනාත් මහතා පැවසුවේය.

විටින් විට නිරෝධානට ඇදිරි නීතිය පැනවීමත් සමගින් දිවයින පුරා පිහිටි සුරාසැල් වැසීම හේතුවෙන් මත්පැන් ජාවාරම් කරුවන් නීති විරෝධී මත්පැන් ජාවාරම ජයටම සිදුකරගෙන යන අවස්ථාවේදී සුරාබදු නිලධාරීන් සුක්ෂම අයුරින් ක්‍රියාත්මක වීම නිසා ජාවාරම් කරුවන් නීතියේ රැහැනට කොටු කර ගැනිමට සමත්විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී මීගමුව,මිනුවන්ගොඩ ,වත්තල හා මහර යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් උපුල් කුමාර මහතාගේ උපදෙස් මත,ජාඇල සුරාබදු අධිකාරි ආර්.ඒ.ඩී .ඉන්ද්‍රනාත් මහතාගේ අධීක්ෂණය යටතේ ,ජාඇල සුරාබදු ස්ථානාධිපති වජිර විජේසිංහ ,මීගමුව සුරාබදු ස්ථානාධිපති ප්‍රදීප් ජයසිංහ යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම වැටලිම් සිදු කළහ.