ඹබේ නම සහ ගම- නදී ගුණවර්ධන
ස්වාභාවික පරිසරයක පිහිටි සුන්දර ගම්මානයක් වන කුරුණෑගල මගේ ගමයි

කවි ලියන්න විශේෂ හේතුවක් තිබෙනවාද ?-විශේෂ හේතුවක් නම් නැහැ.මගේ සුන්දර ගම් පියස තමයි එයට ඉවහල් වුණේ.මම කුඩා කාලයේ පටන්ම පරිසරය රසවිදපු කෙනෙක් .ඒ නිසයි කවි ලියන්න පෙළඹුනේ. මම ලියපු කවි නිර්මාණ ගණනය කරන්න අමාරුයි. ලියපු නිර්මාණ අති විශාලයි.තනියම සිටින සෑම අවසථාවකම කවියක් නිර්මාණය කලා .

ඹබ කෙටිකතා රසිකාවියක්ද?-කෙටිකතා අටක් පමණ ලියා අවසන් කර තිබෙනවා. මගේ කෙටිකතා එකතුව පොතක් ලෙස එළි දැක්වීමට සිටියේ .පසුගිය දිනවල රටේ පැවැති අයහපත් තත්ත්වය නිසා ප්‍රමාද කිරිමට සිදුවුණා.නමුත් ළඟදීම මගේ කෙටිකතා පොත එළිදක්වනවා.

ඹබගේ වෙනත් නිර්මාණ – මම drama script කිහිපයක් ලියා තිබෙනවා.මේ දිනවල අලුත් short drama script එකක් ලියනවා. මගේ බලාපොරොත්තුව එය නව නිර්මාණ කරුවෙක් සමග එළි දැක්වීමට

වෙනත් කටයුතු -මම දැනට මාසික සගරා කිහිපයකට දායකත්වය ලබා දෙනවා.තවද මමම ලියනලද පද රචනයකට ගීතයක් නිර්මාණය කරමින් පවතිනවා.එහි වැඩ ළගදීම අවසන් කිරීමට නියමිතය.

ඔබ විවාහකද?-ඔව් මම විවාහකයි.(එයා ඉතිං හැමදාම මගේ පෙම්වතා තමයි.)

අනාගත බලාපොරෝත්තුව-මගේ රැකියාවට මුල්තැන දෙමින් එයට උපරිමයෙන් දායකත්වය ලබා දෙමින් හොද නිර්මාණ කිරීම මගේ අනාගත බලාපොරොත්තුව

අවසාන වශයෙන් කලාව ගැන ඔබේ අදහස –
මගේ අදහස නම් අනාගත පරපුරට සංවේදී මිනිසෙක් බිහිවීම තමයි කලාවෙන් වෙන්නේ .පරිසරයට ලෝකයට ආදරය කරන සංවේදී හිතක් තිබෙන්නේ බොහෝ දුරට කලාකාමී හදවත් වලයි. දරුවන් වගේම වැඩිහිටියන්ද කලාවට යොමුවීමෙන් ප්‍රචණඩකාරී මානසිකත්වයෙන් මීදී සාමකාමී මිනිසෙක් ආනාගතයයට බිහිවීම කලාවේ ආශ්චර්යයයි.
”ඹබගේ සියළු පැතුම් ඒ අයුරින් ම ඉටුවේවායි ශ්‍රී රාජ් මාධ්‍ය ආයතනය පාර්ථනා කරයි”.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
