Spread the love

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලීටර් බිලියන 02ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට තීරණය කර බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත කේ ජයසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සමාගමකින් ආනයනය කරන මෙම නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ලොව ඉහලම තාක්ෂණයෙන් යුතු ශාක පෝෂකයක් බව පැවසීය. පරිසර හිතකාමී අංක එකේ පොහොර මෙයයි.

එහි පළමු තොගය ලබන අඟහරුවාදා ගුවන් මගින් දිවයිනට ගෙන ඒමට නියමිත බව පැවසීය.