Spread the love

හලාවත සිට මීගමුව දක්වා පරිභෝජනයට නුසුදුසු මාළු තොගයක් ප්‍රවාහනය කල පුද්ගලයකු තෝප්පුව පාලම අසලදී අත්අඩංගුවට ගත් බව කොච්චිකඩේ පොලිසිය පවසයි.

එහිදී පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝග්‍රෑම් 5670ක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක් වූ මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

සැකකරු අද (01) මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කොච්චිකඩේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.