Spread the love

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් කාලගුණ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.