Spread the love

දිවයිනේ පළාත් කිහිපයක පාසල් සදහා (04) හෙට සිට නිවාඩු ලබාදුන් බව අධ්‍යාපන අඅමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව උතුර, දකුණ, වයඹ සහ නැගෙනහිර පළාත්වල සියලු පාසල්වලට හෙට සිට නිවාඩු ලබා දෙන බව පැවසීය.

අනෙකුත් පළාත්වල වාර විභාග අවසන් නොවූ ශ්‍රේණිවල දරුවන් සදහා පාසල් පැවැත්විය හැකි බව පැවසීය.

මේ අතර දරුවන් පාසල් වෙත කැඳවීම සිදු නොවුණ ද ගුරුවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල පාසල්වලට පැමිණ විභාග කටයුතු සහ මීලඟ පාසල් වර්ෂය සඳහා සැළසුම් කටයුතු සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.