Spread the love


නිමල් රාජපක්ෂ-

ධීවර ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවීම සදහා ජීවනෝපාය ක්‍රම හදුන්වා දෙමින් තිබෙන අවස්ථාවක ධීවර කාර්මිකයන්ට අඩු පිරිවැයකින් ධීවර සම්පත නෙලා ගැනීම සදහා පොකුණු තුළ මත්ස්‍ය වගා කිරීමේ කර්මාන්තය ප්‍රචලිත කිරිමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ අවධානය යොමුවෙයි .

ඒ අනුව පලෙයිතිව් දූපතේ පොකුණු ඉදිකිරීම සදහා හදුනාගත් ඉඩම් පිළිබද සොයා බැලීමට ධීවර අමාත්‍යවරයා තීරණය කොට ඇත.

පලෙයිතිව් අන්තොනියා දේවාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රදේශයේ ජලජීවී ව්‍යාපෘති, මුහුදු කූඩැල්ලන් වගා පොළවල් හා මුහුදු පැලෑටි වගා කිරීම ආදී ව්‍යාපෘති සදහා පෞද්ගලික ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමටත් ඒ තුළින් ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීමට හැකි බවද ප්‍රකාශ කළේය.